සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන රිමාන්ඩ්
රුපියල් ලක්ෂ තිස්එකකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල යන අය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධනගේ ගිණුමට අයථා ලෙස මුදල් බැරවී ඇති බවට මූලික විමර්ශන වලින් තහවුරුවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඔහු ඇප මත මුදාහරිණ ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.
2018 වසරේ සිදුව ඇති බව කියන මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ද හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
The post සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන රිමාන්ඩ් appeared first on ITN News.