බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි – තිස් දෙදෙනෙකුට තුවාල
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, අන්වාරම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
තුවාලකරුවන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
The post බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි – තිස් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.