ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු ජීවිතක්ෂයට
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දින තුනක් තුළ කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ දෙවන වෙඩි තැබීම මෙයයි. පසුගිය ඉරිදා සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ වෙඩි තැබීම ස්ථාන දෙකකදී සිදුව ඇති බවයි කැලිෆෝනියා ප්‍රාන්ත පොලිසිය සදහන් කරන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හදුනාගෙන ඇති අතර ඔහු වයස අවුරුදු හැට හතක පිරිමි පුද්ගලයෙක්. වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු ඔහු පොලිසියට භාර වී තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.
The post ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.