පේරු රාජ්යයේ බස් අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ සිදුවූ බස් අනතුරකින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට තිබෙනවා. පේරු රාජ්‍යයේ නිරිත දිග ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුර සිදුවූ ස්ථානය යක්ෂයාගේ බෑවුම ලෙසින් හදුන්වන ස්ථානයක්. සිද්ධියෙන් මගීන් රැසක් බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම බස්රථය පේරු ලීමා අගනුවරට කිලෝමීටර් දහසක් ඈතින්වූ සංචාරක කලාපයකට ගමන් කරමින් තිබූ බස් රථයක්.
The post පේරු රාජ්යයේ බස් අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.