ඉන්ධන කෝටාව ඉහළට – BREAKING NEWS
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙනවා.
එය අද(4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා
එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද
මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබෙනවා.
ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කල බව සඳහන්.
මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා,
එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමෙනවා.
උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ලබාගෙන ඇති බැවින් අපහසුතාවයකින් තොරව එම තීරණය ක්‍රියාත්මක කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනේ.
The post ඉන්ධන කෝටාව ඉහළට – BREAKING NEWS appeared first on ITN News.