ප්රතික්ෂේප වීම දරාගත නොහැකිව පැරණි පෙම්වතියට වෙඩි තබා සියදිවි හානි කරගත් පෙම්වතා
වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් මිය ගිය තරුණයෙකුගේ සහ එක්දරු මවකගේ සිරුරු දෙකක් ඊයේ (14) සොයාගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසනවා
පොලීසිය සැකපල කරන්නේ එම තරුණයා විසින් එක්දරු මවට වෙඩිතබා තරුණයාද වෙඩිතබාගෙන සියදිවිහානිකරගෙන ඇති බවටයි.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂා ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා 12 වනදා රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඊයේ (13) පෙරවරුවේ නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී තිබෙනවා.
පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකිරීමෙන් පසුව වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයා සොයා පරික්ෂණ සිදුකිරීමේදී අදාළ තරුණයාද පදිංචිව සිටි ප්‍රදේශයේ හින්දු කෝවිලක් ඉදිරිපිටදී වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගත් බවයි ඔවුන් පැවසුවේ
මරණයන් පිළිබඳව සිදුකරනු ලැබූ පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම තරුණයා සහ එක්දරු මව විවාහ වීමට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර පසුව කාන්තාව විවාහ වීමෙන් පසුව ඇය මෙම තරුණයාගෙ සම්බන්ධතාවය නැවත්වීම හේතුවෙන් තරුණයා විසින් අදාල කාන්තාවට නිතර කරදර කර ඇති බවටයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව දිගින් දිගටම තරුණයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් තරුණයා මෙම කාන්තාවගේ නිවසට පැමිණ වෙඩිතබා කාන්තාව ඝාතනය කොට පසුව මෙම තරුණයාද වෙඩිතබා
ගනිමින් සියදිවි හානිකරගෙන ඇති බව විමර්ෂණවලදී තහවුරු වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ නීලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක්.
.
The post ප්රතික්ෂේප වීම දරාගත නොහැකිව පැරණි පෙම්වතියට වෙඩි තබා සියදිවි හානි කරගත් පෙම්වතා appeared first on ITN News.