ඉන්ධන කෝටාව යළි ඉහළට
ජාතික ඉන්ධන අවසර පත්‍රයේ (QR) දැනට පවතින ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එහි දැක්වෙන්නේ ඊයේ (25) පැවති ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගන්නා ලද බවයි.
මෙහි දී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡාවක යෙදී තිබේ.
The post ඉන්ධන කෝටාව යළි ඉහළට appeared first on ITN News.