තමන්ට සිදුවූ අපහසුතාවට විමර්ශන එපා – අජාන් බ්රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්රකාශයක්
තමන් මුහුණ දුන් සිදුවීම ගැන ලක් රජයේ විමර්ශනයක් ආරම්භ කර තිබුණත් අත්වැරදීම්වලට සමාව දිය යුතු බව පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ පවසනවා.
පසුගියදා පුජ්‍ය අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ වැඩසටහන් කිහිපයකට සහභාගිවීම සදහා පැමිණි අතර ආපසු ඕස්ට්‍රේලියාවට පැමිණීමේ දී කටුණායක ගුවන් තොටුපලේ දී යම් අපහසුතාවකට පත්වූ බව වාර්තා වුණා. ඒ අවස්ථාවේ තායිලන්තයේ පැවැත්වෙන උත්සවයකට ගුවන් තොටුපලෙන් පිටවයාමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් සහභාගිවී සිටිම හේතුවෙන් පූජ්‍ය අජන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේට තම ගුවන් ගමන අතපසු වූ බව මාධ්‍ය වාර්තාකර තිබුණා.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ පර්ත් නුවර පිහිටි සිය බෝධිඥාන ආශ්‍රමයේ දී උන්වහන්සේ කරුණු පැහැදිලි කළා.
ඔබ දන්නවා ඇති පසුගියදා මම ආවේ ශ්‍රී ලංකාවේ ඉදන්. මම ආපසු එන ගමනේ දී වීඅයිපී වරප්‍රසාද යටතේ ගුවන් තොටුපලට පැමිණියා. මම ගුවන් තොටුපලට ආවට පස්සෙයි දැක්කෙ මැෂින් තුවක්කු රැගත් වීඅයිපී ආරක්ෂකයින් එහි පිරී සිටි බව. මම වීඅයිපී පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ ලේඛන සම්පූර්ණ කළා. මට එහිදී තේරුණා ගුවන් යානයේ වෙලාව ඉක්ම යාමට නියමිත බව. මම ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමගම ගුවන් යානයේ පිවිසුම් පාලම පිටතට ගත්තා. එහිදී මා සමග ගිය නිළධාරිනිය සිංගප්පූරුවේ ගුවන් සේවයේ නිලධාරියෙකු සමග වාද කරගන්නා ආකාරය දැක්කා. මා බලා සිටියදීම ගුවන් යානය පිටත් වුණා. අනපේක්ෂිත අර්බුදයකට මට මුහුණ දෙන්න සිදුවුණා. අවසානයේ මම ඕස්ට්‍රේලියාවට කෙසේ හෝ පැමිණියා. මම දැක්කා ශ්‍රී ලංකාවේ ජනධිපතිවරයා පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කරල තියෙනව කියලා. මම ඒතරම් ලොකු කෙනෙක් නෙමෙයි. මගේ ගමන මග හැරීම ගැන පරීක්ෂණ කරනවා වෙනුවට මම යෝජනා කරන්නේ මෙම අත්වැරදීම්වලට සමාව දෙන ලෙසයි. සමාව දෙන තරමට මිනිසුන් අතින් යලි එවැනි වැරදි සිදුවීම අඩුවෙනවා.
The post තමන්ට සිදුවූ අපහසුතාවට විමර්ශන එපා – අජාන් බ්රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්රකාශයක් appeared first on ITN News.