ඉන්දියානු ජාතික ආරක්ෂක විද්යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාපති හමුවෙයි
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් ඊයේ දින (28) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
මෙම අධ්‍යයන සංචාරය සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 63 වන මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් 09 ක් සහභාගී වූ අතර, එම නියෝජිත පිරිසෙහි ප්‍රධානී ලෙස කොමදෝරු Arvind Rawal කටයුතු කරනු ලබයි.
ඒ අනුව, මෙම නියෝජිත පිරිස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති සහ ඉන්දියානු ධූත පිරිසෙහි ප්‍රධානී අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහාද ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාශ් සූඩ් ද (Captain Vikas Sood) සහභාගි විය.
The post ඉන්දියානු ජාතික ආරක්ෂක විද්යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.