සුජිත් යටවර මහතාගේ දේහය දිවයිනට
ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවා.
දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙනවිත්, එතැන්සිට කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබුණා.
එය භාර ගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දියණිය, 09 හැවිරිදි පුත්‍රයා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.
සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
The post සුජිත් යටවර මහතාගේ දේහය දිවයිනට appeared first on ITN News.