How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකාවට ක්රිකට් තහනම් කළේ ක්රිකට් ආයතනයේ ඉල්ලීමට ද?

- itnnews.lk

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීමක් පදනම් කරගෙන අදාළ තහනම ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තහනමත් සමඟ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අදුරුතම දිනයක් ලෙස ඊයේ දිනය ඉතිහාසයට එක්වුණා.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති  විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාව සමාජගත වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් මෙරට ජනතාවගේ දැඩි විරෝධයට ලක් වුණා.

කෙසේ වෙතත් පසුගියදා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස පසුබෑමට ලක්වීම හේතුවෙන් එම විරෝධය තව තවත් තීව්‍ර වුණා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී  ලංකා කණ්ඩායමට තරඟ දෙකක් ඉතිරිව තිබියදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය ඉවත් කොට අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කළා.

ඒ 2022 වසරේ පැවති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබු දූෂණ සහ අක්‍රමිකතා ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන බව පවසමින්.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා පැවරී ඇති බලතල අනුවයි අදාළ ඉවත් කිරීම සහ නව පත්කිරීම සිදු කෙරුණේ.

ඒ අනුව නව අන්තර් පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කෙරුණා.

නමුත් ඊට පසු දිනයේ අමාත්‍යවරයා විසින් පත්කරන ලද අන්තර්පාලන මණ්ඩලයේ කටයුතු දින 14 කට අත්හිටුවමින් අභියාචනාධිකරණය මගින් වාරණයක් පැනවූ අතර ඉන් පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙරට පාර්ලිමේන්තුවේදී ද විවාදයට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් අර්බුදය සම්බන්ධව අවධානයෙන් සිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ඊයේ  කටයුතු කළා.

ඒ සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඔවුන් සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය , ස්වාධීනත්වය සහ එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි.

ඒ පිළිබඳව කරුණු තවදුරටත් සොයා බැලීම ඉදිරියේදී සිදු කිරීමටත් බලාපොරොත්තු වන බව අදාළ නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18 සහ 21 යන දිනවලදී ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැත්වීමට නියමිතයි.

අනතුරුව මෙම මස 21 වනදා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම අයිසීසීය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙවැනි තීරණයකට එළඹ තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමකට බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන  14 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද  නියමිතව තිබෙනවා.

මේ අතර අද සන්ධ්‍යාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ තවත් ක්‍රීඩා බලධාරීණ් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙන  බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එහිදී අදාළ තහනම සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රීයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

The post ශ්රී ලංකාවට ක්රිකට් තහනම් කළේ ක්රිකට් ආයතනයේ ඉල්ලීමට ද? appeared first on ITN News.

You may also like

- colombogazette.com

Matheesha Pathirana has become the most expensive Lanka Premier League (LPL) player ever, commanding a US$120,000 price tag as he ended up with his old team, Colombo Strikers, for the 2024 edition of the tournament. The other big winner of the day was seamer Isuru Udana, who was bought by the new Galle Marvels franchise for $100,000, […]

- island.lk

Thousands of Iranians have gathered on the streets of Tabriz to mourn President Ebrahim Raisi after he was killed in a helicopter crash. Mourners followed a funeral procession through the city in north-west Iran while waving Iranian flags and portraits of the late president. Raisi and seven others were killed when a helicopter they were […]

- colombotelegraph.com

[…]The post Reflections On Solar Consciousness & Unity: A Message For Vesak Day 2024 appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Mental Therapy  appeared first on Colombo Telegraph.

- adaderana.lk

The government plans to initiate two pilot projects, the Temporary Agricultural Electric Fence and the Village Electric Fence, to protect villages and farmlands experiencing significant elephant-human conflicts.

- adaderana.lk

Acting Finance Minister Shehan Semasinghe announced plans to introduce two significant bills to Parliament on Wednesday (May 22), aimed at bolstering the country s economy.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc