පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්රමවේදයෙන් ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක්
වහලය මත සූර්ය පැනල සවි කිරීමේ ක්‍රමවේදය යටතේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483ක් එක්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
රට පුරා විසිරී සිටින පාර්භෝගික ජනතාව විසින් මෙම ජාතික කාර්ය සදහා සහයෝගය ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.
සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීම් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය අලෙවි කිරීමට පාරිභෝගිකයින් යොමුව සිටිනවා.
ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටලුවලට විසදුම් ලබාදෙමින් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එක්කිරීමට විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී දායකත්වයක් ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0714 150 641 ඇමතීමෙන් ලබාගත හැකි බවයි විදුලිබල මණ්ඩලය සදහන් කරන්නේ.
The post පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්රමවේදයෙන් ජාතික පද්ධතියට විදුලි ඒකක මිලියන 483 ක් appeared first on ITN News.