ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාපති හමුවෙයි
සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Captain Ian Cain සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Amanda Johnston සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද ( 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
මෙහිදි ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස Captain Ian Cain සිය රාජකාරී කාලසීමාව තුලදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාපති විසින් ඔහු වෙත සිය කෘතවේදීත්වය පල කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
The post ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.