කොත්මලේ, මාවෙල ශ්රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති හිමි අපවත් වෙයි
කොත්මලේ, මාවෙල ශ්රී බෝධිරුක්ඛාරාම විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය කුඩාඔයේ හේමානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වුණා.
කොත්මලේ කලාපයේ ශාසනික ප්‍රබෝදය වෙනුවෙන් උන්වහන්සේ සුවිශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.
උන්වහන්සේගේ දේහය මාවෙල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ තැන්පත්කර තිබෙන අතර හෙට පස්වරුවේ විහාරස්ථ ආදාහන මළුවේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
අපවත්වන විට උන්වහන්සේ 47වන වියෙහි පසු වුණා.
The post කොත්මලේ, මාවෙල ශ්රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති හිමි අපවත් වෙයි appeared first on ITN News.