ඩෙංගු මර්දනයේදී සාර්ථක ප්රතිඵල පෙන්වූ වොල්බැකියා ව්යාපෘතිය තවදුරටත් ව්යාප්ත කිරීමට උපදෙස්

- itnnews.lk

කොළඹ උතුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මර්දනය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ වොල්බැකියා (Wolbachia) විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු ව්‍යාප්තිය බහුල සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ක්‍රියාත්මක කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය ලබා ගන්නා ලෙස පැවසූ ඒ මහතා රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධනය සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත වගකීම් පවරන ලෙසද සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ පසුගිය 05 වන දා පැවති සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම හා ඒවායේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරිණ.

විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද විවිධ දැනුවත් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඩෙංගු ව්‍යාප්තිය සැළකිය යුතු තත්ත්වයකින් පාලනය වී ඇති බවත් එම වැඩසටහන් ඉදිරි සතිවලද තවදුරටත් ක්‍රියාත්මක කිරීම තුලින් තවදුරටත් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සහභාගී වූ අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩි වී තිබූ බව ඔවුහු සඳහන් කළහ.

මහනුවර මහ නගර සභා සීමාව හා මාතලේ මහ නගර සභා සීමාවන් තුළ තවදුරටත් සැළකිය යුතු මට්ටමින් රෝගීන් වාර්තා වන බව සඳහන් කළ මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහාය ඇතිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇති බව සඳහන් කළේය.

මධ්‍යම පළාතේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර හා ප්‍රධාන ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් පළාතේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි පිහිටුවා ගන්නා ලද කමිටුවක් මගින් සියළු අධීක්ෂණ කටයුතු සිදුවන බවත් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් ව්‍යාප්තිය පාලනය සඳහා කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් සියළුම පාසල් දැනුවත් කර දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් පාසැල් පරිශ්‍රයන් පිරිසිදු කර ඡායාරූප සමඟ වාර්තා කරන ලෙස අදාල අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දුන් සාගල රත්නායක මහතා 2024 ජනවාරි මස මුල් සතියේදී මෙම වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය නැවත සමාලෝචනය කිරීමට ද යෝජනා කළේය.

ආරක්ෂක අමාත්‍යාංයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

The post ඩෙංගු මර්දනයේදී සාර්ථක ප්රතිඵල පෙන්වූ වොල්බැකියා ව්යාපෘතිය තවදුරටත් ව්යාප්ත කිරීමට උපදෙස් appeared first on ITN News.

You may also like

- island.lk

Claudia Sheinbaum has been elected as Mexico’s first woman president in an historic landslide win. Mexico’s official electoral authority said preliminary results showed the 61-year-old former mayor of Mexico City winning between 58% and 60% of the vote in Sunday’s election. That gives her a lead of about 30 percentage points over her main rival, […]

- island.lk

Puff of dust. Not on the pitch but on the outfield. That’s the first thing you notice about cricket at the Nassau County International Cricket Ground just outside New York City. The next thing you see is that the ball plugs in it. It doesn’t zip off like we are used to seeing in pretty […]

- island.lk

President Ranil Wickremesinghe announced plans to construct 250 new bridges across Sri Lanka to enhance road connectivity and maximize the benefits of national development projects for rural communities. The President made this announcement while addressing a celebration at the Shangri-La Hotel in Colombo today (03), marking the successful completion of 750 rural bridges by Janson […]

- adaderana.lk

The Disaster Management Centre (DMC) confirmed that 16 deaths have been reported so far from across the island with a total of 84,749 persons from 21,353 families affected due to the prevailing adverse weather conditions.

- colombogazette.com

LTTE founder leader Velupillai Prabhakaran, his wife and their three children are dead, Prabhakaran’s elder brother Velupillai Manoharan has declared publicly for the first time. He said all of them perishing in the final stages of Sri Lanka’s war in 2009. The Federal quoted Manoharan as saying he wanted to end speculation that Prabhakaran was still […]

- colombogazette.com

Former Health Minister Keheliya Rambukwella was ordered to be remanded further over the alleged import of substandard immunoglobulin vials. The Maligakanda Magistrate’s Court ordered Rambukwella to be remanded till 14th June. Rambukwella, former Health Ministry Secretary Janaka Chandragupta and 5 others have been in remand over the import of substandard human immunoglobulin vials. The Criminal [&#...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc