නේපාලය සිනොවැක් එන්නත් මාත්රා මිලියන 4ක් විනාශ කරන්න යයි
කොරෝනා වෛරසයට එරෙහි චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් මාත්රා මිලියන 4ක් විනාශ කිරීමට නේපාලය සූදානම් වනවා.
චීනයේ නිෂ්පාදිත මෙම සිනොවැක් එන්නත් 2021 වසරේ අප්‍රේල් මාසයේ නිෂ්පාදිත ඒවා බවයි වාර්තා වන්නේ.
සිනොවැක් එන්නත වයිරසයට එරෙහි බූස්ටර් එන්නතක් ලෙස හෝ සාමාන්‍ය එන්නතක් ලෙස භාවිත කිරීමට සුදුසු නොවන බව නේපාලයේ එන්නත් උපදේශක කොමිසම නිවේදනය කරනවා.
2021 වසරේ කොරෝනා වයිරසය ශීඝ්‍ර යෙන් පැතිර යන අවධියේදී මෙම එන්නත් නිෂ්පාදනය කර ඇති අතර වසර දෙකයි මාස 6කට අධික කාලයක් නේපාලයේ එන්නත් ගබඩා තුළ මෙම එන්නත් ගබඩා කර තිබුණා.
තාක්ෂණික සීමා හේතුවෙන් සිනොවැක් එන්නත භාවිත කිරීමට නොහැකි වූ බවයි නේපාල එන්නත්කරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා සදහන් කරන්නේ.
ඒ හේතුවෙන් මොඩර්නා / කොවිෂීල්ඩ් හා ෆයිසර් වැනි එන්නත් භාවිතයට යොමුවූ බවද ඔහු පවසනවා.
The post නේපාලය සිනොවැක් එන්නත් මාත්රා මිලියන 4ක් විනාශ කරන්න යයි appeared first on ITN News.