බස් රථ අනතුරකින් හය දෙනෙකුට බරපතල තුවාල
තංගල්ල – මාතර මාර්ගයේ නාකුලුගමුව වැල්ලවත්ත ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් හය දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා.
බස් රථ දෙකක් එකිනෙකට තරගකාරීව ධාවනය කිරීම හේතුවෙනුයි මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට විසිවී තිබෙන්නේ.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවූ බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූවන්ගේ පාදවලට දැඩි හානි සිදුව ඇති බව රෝහල් වාර්තා සදහන් කළා.
The post බස් රථ අනතුරකින් හය දෙනෙකුට බරපතල තුවාල appeared first on ITN News.