සිරියාවට එල්ල වූ ඊශ්රායල ප්රහාර වලින් ඉරාන හිතවාදී සටන්කාමීන් 3 දෙනෙකු මිය යයි
සිරියාවට ඒල්ල වූ ඊශ්රායල ප්රහාර වලින් ඉරාන හිතවාදී සටන්කාමීන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මෙම ඉරාන හිතවාදීන් මිය ගොස් ඇති බවයි මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ ආයතනය පවසන්නේ.
මිය ගිය අයට අමතරව මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබද සිරියා රාජ්‍ය මාධ්‍ය කිසිවක් හෙළිකකර නැහැ.
දශකයකට වැඩි කාලයක් සිරියාවේ පැවති සිවිල් යුද්ධය අතරතුර ගැටුම්වලින් සිය ගණනක් මිය ගොස් තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ අවතැන් වූවන් පවත්නා ශීත කාලගුණයෙන් දැඩි පීඩාවට ලක්ව සිටින බව වාර්තා වනවා.
The post සිරියාවට එල්ල වූ ඊශ්රායල ප්රහාර වලින් ඉරාන හිතවාදී සටන්කාමීන් 3 දෙනෙකු මිය යයි appeared first on ITN News.