ඇස් වසා ‘අස්වැසුම’ ගත් අය සොයන්න මෙහෙයුමක්
වංචනික ලෙස ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයන් සොයාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභය වංචනික ලෙස ලබාගත් යම් සුළු පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ගේ තොරතුරු නැවත සනාථ කරගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා අවධාරණය කර ඇත.
වංචනිකව ‘‘අස්වැසුම’’ ප්‍රතිලාභය ලබාගත් සිද්ධීන් කිහිපයක් පිළිබඳව පසුගිය කාලයේදී වාර්තාවූ බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිද්ධීන් දෙකක් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් පරීක්ෂා කළ බවත් සභාපතිවරයා කියා සිටියා.
අස්වැසුම දෙවැනි අදියර සඳහා ඉල්ලුම්පත් භාරගැනීමේ කටයුතු මාර්තු මාසයේදී අවසන් කිරීමෙන් පසුව සුදුසුකම්ලාභීන් තේරීමේ සංගණන කටයුතු සිදුකරන බවත්, එහිදී මෙවැනි වංචා වැළැක්වීමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේ හෝ ඊට පසුව පළමු අස්වැසුම ප්‍රතිලාභීන්ගේ තොරතුරු නැවත පරීක්ෂාකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
අස්වැසුම පළමු අදියර යටතේ ලක්ෂ 15 කට ප්‍රතිලාභ ලබාදී තිබෙනවා.
මෙහිදී ඉතා දුප්පත් පවුලකට රුපියල් 15,000 ක්, දුප්පත් පවුලකට රුපියල් 8,500 ක්, අවදානම් තත්ත්වයේ පසුවන පවුලකට රුපියල් 5,000 ක් සහ සංක්‍රාන්ති තත්ත්වයේ පසුවන පවුලකට රුපියල් 2,500 ක් ලබාදේ. තොරතුරු සනාථ කරගැනීමට නැවත සංගණනය සිදුකරන අවස්ථාවේදී යම් පවුලක් තමන් සිටින කාණ්ඩයෙන් පහළට හෝ ඉහළට ගොස් ඇත්නම් ඊට අදාළ සංශෝධනද සිදු කෙරන බවයා සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අනුව, ‘අස්වැසුම, ප්‍රතිලාභය පවුල් ලක්ෂ 24 කට ලබාදීමට රජය සැලසුම්කර ඇත.
The post ඇස් වසා ‘අස්වැසුම’ ගත් අය සොයන්න මෙහෙයුමක් appeared first on ITN News.