මෛත්රීට නිවසක් දීමට ගත් තීරණය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් – ශ්රේෂ්ඨාධිකරණය
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ
ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් ඔහුගේ නායකත්වයෙන් යුත් ඇමති මණ්ඩලයකින් අදාළ නිවස ඔහුට අනුමත කර ගැනීම සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
ඔහු විශ්‍රාම යාමටත් පෙර මෙම නිවස තමාට වෙන්කර ගැනීම ද නීතියට පටහැනි බවයි තීන්දුවේ සදහන් වන්නේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණා
The post මෛත්රීට නිවසක් දීමට ගත් තීරණය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් – ශ්රේෂ්ඨාධිකරණය appeared first on ITN News.