උමා ඔය ව්යාපෘතියේ ඉදිකිරීම් අවසන්
උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් වී තිබෙනවා.
ජල විදුලි නිෂ්පාදනය සදහා පරික්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය මේ වන විට පවතින්නේ පරික්ෂණ මෙහෙයුම් මට්ටමේයි.
වාණිජ මට්ටමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති අතර පරික්ෂණ කාලය තුළ පමණක් රුපියල් මිලියන දහසක වටිනාකමින් යුත් විදුලිබලයක් උත්පාදනය කර ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවූ බව විදුලිබල මණ්ඩලය පවසනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ ප්රධාන අරමුණ වී ඇත්තේ මෙගාවොට් 120ක ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමයි.
මෙම ව්යාපෘති සදහා වැය කරන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 514ක්. ඉන් ඩොලර් මිලියන 450ක් ඉරාන ණය ආධාර ලෙස ලබාදී තිබෙනවා. කිරිදිඔය ද්රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්රීක කරමින් බදුල්ල / මොනරාගල හා බණ්ඩාරවෙල දිස්ත්රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්යතාද පූර්ණ කිරීම ද මෙම ව්යාපෘතියෙන් හැකියාව ලැබී තිබෙනවා.
The post උමා ඔය ව්යාපෘතියේ ඉදිකිරීම් අවසන් appeared first on ITN News.