රතුපස්වල තීන්දුව මැයි 17
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුවා
ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි
මීට වසර 11කට පෙර සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව අද (30) දිනයේ නිකුත් කිරීමට තිබුණත් අදාළ දිනය දක්වා කල් තැබීමටයි අධිකරණය කටයුතු කළේ.
The post රතුපස්වල තීන්දුව මැයි 17 appeared first on ITN News.