එජාප රැළියට කෝච්චියෙන් එන අය
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා.
කොළඹ මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට පී ඩී සිරිසේන ක්රීඩාංගනයේ දී රැළිය පැවැත්වෙන්නේ යළි නොවැටෙන අභිමානවත් රටක් යන තේමාවෙන්.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය පස්වරු 2ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
පක්ෂ සාමාජිකයින් මෙන්ම ඊට අනුබද්ද සියලු සංවිධාන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනුයි රැළිය පැවැත්වෙන්නේ.
මැයි රැළියට සමගාමීව අද රාත්රියේදී සංගීත ප්රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
ඒ සදහා ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් ද එක්වීමට නියමිතයි.
රැළියට සහභාගිවීම සදහා දුර පළාත්වල ජනතාව ද අද උදෑසන දුම්රියෙන් කොළඹට පැමිණීමට ගමන් ආරම්භ කළා.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා ඇතුළු ආධාරකරුවන් අහංගම දුම්රිය ස්ථානයෙන් පැමිණියා.
මේ අතර ජනපති රනිල්ට ඉඩදෙමු මැයෙන් එක්සත් ජාතික පක්ෂ තරුණ නායකයින් සංවිධාන කළ යතුරුපැදි සවාරිය නගර රැසක් පසුකරමින් ඊයේ කුරුණෑගලට පැමිණියා.
අද උදෑසන කොළඹ බලා ගමන් ආරම්භ කළ පාපැදි සවාරිය අද පස්වරුවේ පී ඩී සිරිසේන ක්රීඩාංගනය වෙත පැමිණ මැයි දින රැළිය සමග එක්වීමට නියමිතයි.
The post එජාප රැළියට කෝච්චියෙන් එන අය appeared first on ITN News.