ගෑස් මිල පහළට
අද (03) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩු කෙරෙනවා. එම මිල අඩුකිරීමත් සමග රුපියල් 4115ක්ව පැවති ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3940ක් වනවා.
කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.
කිලෝග්රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.
The post ගෑස් මිල පහළට appeared first on ITN News.