නේපාල අගමැතිට එරෙහි සිව්වැනි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවට
නේපාල අග්රාමාත්යවරයාට තමාට එරෙහි 4වන විශ්වාසභංගයටත් මුහුණදීමට සිදුව තිබෙනවා.
නේපාල අග්රාමාත්ය පුෂ්පා කමල් ඩහල්ට එරෙහි 4 වන විශ්වාසභංගය හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නේපාල අග්රාමාත්යවරයාගේ නායකත්වයෙන් යුතු පාලක පක්ෂයට සහයෝගය දැක්වූ ජනතා සමාජ්වාඩි පක්ෂය එම රජයෙන් ඉවත්වීමත් සමගයි ඔහුට මෙම විශ්වාසභංගයට මුහුණදීමට සිදුව ඇත්තේ.
නේපාල ව්යවස්ථාව අනුව සභාග රජයකින් සහයෝගය දැක්වූ පක්ෂයක් ඉවත්ව ගියහොත් අග්රාමාත්යවරයාට විශ්වාසභංගයකට මුහුණදීමට සිදුවනවා.
ඔහුට අග්රාමාත්ය ධුරයේ රැදී සිටීම සදහා මන්ත්රීවරුන් 138 දෙනෙකුගේ සහයෝගය අවශ්ය අතර මේ වනවිටත් මන්ත්රීවරුන් 157 දෙනෙකුගේ සහයෝගය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
The post නේපාල අගමැතිට එරෙහි සිව්වැනි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.