ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ්
මෙරට ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කොම්පඤ්ඤ වීථිය ප්රදේශයේ සාප්පු සංකීරණයක රථ ගාලක් තුළදී ඊයේ (18) මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුඳු වත්ත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
The post ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රිමාන්ඩ් appeared first on ITN News.