ජනපතිගේ මැතිවරණ බලතල ගැන අගමැතිගෙන් ප්රකාශයක්
ව්යවස්ථානුකූලව ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණය පවත්වා සැප්තැම්බර් මාසයේ දී රජය විසුරුවා හැර මහා මැතිවරණයකට යාමේ බලතල ජනාධිපතිවරයාට තිබෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ශ්රී දළදා වහන්සේ වැද පුදා ගැනීම සදහා පැමිණි අවස්ථාවේදීයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ.
මේ අතර ශ්රී ලංකාව ජාත්යන්තරය සමග ගණුදෙනු කරන යුගය යළි උදාවී ඇතැයි ද අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
පූජාපිටිය දිවානවත්ත ශ්රී බෝධිරුක්ඛාරාම විහාරයේ ඉදිකළ අඩි 34ක් උසැති මෛත්රි බෝධිසත්ව ප්රතිමාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
The post ජනපතිගේ මැතිවරණ බලතල ගැන අගමැතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.