අතේ ප්රශ්නය ගැන අදත් අධිකරණ තීන්දුවක්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්කිරිම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලක් නිෂ්ප්රභ කරන ලෙස ගොනු කළ අභියාචනා පෙත්සම අද විභාගය ගත්තා.
ඒ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි.
පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්රභ කරන ලෙසයි මෙම අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කරුණු දැක්වුවා.
ඔහු පැවසුවේ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අමාත්යවරුන් කොළඹ දිසා අධිකරණ කලාපයේ පදිංචිකරුවන් නොවන බවට තීරණය කිරීම නිසා අදාළ වාරණ නියෝග නිකුත් කිරීම ප්රතික්ෂේප කළ බවයි.
ඒ අනුව පැමිණිල්ල සම්පුර්ණයෙන්ම නිෂ්ප්රභ නොකොට සංශෝධනය කිරීමට අවසර දීම සදහා දිසා විනිසුරුවරයා ගත් තීරණය නීතියට පටහැනි බව ද ඔහු පෙන්වා දුන්නා.
අදාළ පැමිණිල්ල නිෂ්ප්රභ කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියා. දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කියා සිටියේ විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි.
ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු නිත්යානුකුල හිමිකමක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විජයදාස රාජපක්ෂ මහතාට නියෝගයක් නිකුත් කර තිබිය දී ඔහු එම පක්ෂයේ සභාපති ධුරයට පත් වන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්රශ්න කර සිටියා. වැඩිදුර පෙත්සම් විභාගය හෙට දිනට කල් තැබුණා.
The post අතේ ප්රශ්නය ගැන අදත් අධිකරණ තීන්දුවක් appeared first on ITN News.