කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කරයි
කැලිෆෝනියාවේ ලැව්ගිනි පැතිරයාම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කැලිෆෝනියාවේ යෝසෙමයිට් ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේයි මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ. පසුගිය 22 වනදා සිට මෙම ලැව්ගිනි තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි හේතුවෙන් තුන්දහසකට ආසන්න පිරිසක් ඉවත්කර තිබෙනවා. නිවාස 10 ක් විනාශ වී ඇති අතර හෙක්ටාර පන්දහසක පමණ ගින්න පැතිර ගොස් තිබෙනවා.
The post කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කරයි appeared first on ITN News.