ඩෑන් ප්රියසාද්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි
ඊයේ (25) රාත්‍රියේ වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී 34 හැවිරිදි පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, ඔහු වැල්ලම්පිටිය – කුරුනියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට ලක්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහෝදරයෙකු බවටද තොරතුරු වාර්තා වනවා.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට විමර්ශනවලින් හෙළි වූ බවත් ඔහුට එරෙහිව අපරාධ නඩු දෙකක් පවරා ඇති බවත් පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
The post ඩෑන් ප්රියසාද්ගේ සහෝදරයා කපා කොටා මරා දමයි appeared first on ITN News.