ශ්රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනපති කියයි
ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම තත්වය හමුවේ ඇණහිට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු අවසන් කිරීමට හැකිවන බවද ජනාධිපතිතුමා සදහන් කරනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළම මට්ටමට පැමිණ ඇති බවත්, ආර්ථිකය යාථා තත්වටය ගෙන ඒමට හැකිවූවද එම ඉලක්කයට ලගා වන වේගය මත සියල්ල රඳා පවතින බවයි. ඉහළ උද්ධමනය, ඉන්ධන හා ගෑස් සඳහා පවතින පෝලිම් තවත් මාස කිහිපයක් ශ්‍රී ලාකිංකයින්ට අත්විඳීමට සිදු විය හැකි අතර ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ලෙස දියුණු විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අගෝස්තු මස අවසානයේ දී එකඟතාවයකට එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසනවා. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්වීපාර්ශවික ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීමට නම් ප්‍රාථමික මට්ටමේ එකඟතාවයන් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වියයුතු අතර ඊට මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීමට හොඳම අවස්ථාව මෙය නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හරහා යළිත් වරක් දේශපාලනික අර්බුධයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ණය සහන ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය හා චීනය සම්බන්ධයෙන් වෙනස්ම ක්‍රම දෙකක් අනුගමනය කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කරනවා. ලබා ගත් ණය ගෙවීම හා නව ණය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ එක් වැඩපිළිවෙලකට අයත් එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි ජනාධිපතිවරයා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සමඟ සඳහන් කර ඇත්තේ.
The post ශ්රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනපති කියයි appeared first on ITN News.