පසුගිය ජුලි මාසයේ දී දකුණු කොරියාවේ උද්ධමනය 6.3% කින් ඉහළට
වසර 24කට පමණ පසු කොරියාවේ උද්ධමනයේ ඉහළම අගය පසුගිය මාසයේ දී වාර්තා වුණා.
පසුගිය ජුලි මාසයේ දී දකුණු කොරියාවේ උද්ධමනය සියයට 6.3 කින් ඉහළ ගොස් තිබෙනවා. එය 1998 වසරේ නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම පසුගිය මාසයේ දී එරට පාරිභෝගික මිල දර්ශකය ද සියයට 6.3 කින් ඉහළ ගොස් ඇති බව කොරියා සංගණන දත්තයන් සදහන් කරනවා. දකුණු කොරියා මහ බැංකුව එරට පොලී අනුපාතිකයන් මේ මස 25 වන දින ඉහළ දැමීමට තීරණය කර ඇති පසුබිමකයි මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ. කෙසේ වුවද ආසියානු කලාපයේ හතරවැනියට විශාලම ආර්ථිකයට හිමිකම් කියන දකුණු කොරියාවේ ආර්ථිකය බලාපොරොත්තු වූ වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
The post පසුගිය ජුලි මාසයේ දී දකුණු කොරියාවේ උද්ධමනය 6.3% කින් ඉහළට appeared first on ITN News.