ධවල මන්දිරය අසල සිදුවූ අකුණු වැදීමකින් 4 දෙනෙකු බරපතල තුවාල ලබයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය අසල සිදුවූ අකුණු වැදීමකින් පුද්ගලයින් 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය සමගයි අකුණු සැර වැදී තිබෙන්නේ. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී තුවාල ලැබුවා. මොවුන් ධවමන්දිරය අසල පිහිටි උද්‍යානයක සිටියදී අකුණු සැර වැදීම සිදුව තිබෙනවා. ධවල මන්දිරයේ ආරක්ෂක සෙබලුන් ද මෙම අවස්ථාවේ දී තුවාල ලැබූවන්ට උපකාර කිරීම සදහා පැමිණ තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය වී නැහැ.
The post ධවල මන්දිරය අසල සිදුවූ අකුණු වැදීමකින් 4 දෙනෙකු බරපතල තුවාල ලබයි appeared first on ITN News.