ඉන්ධන QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘතයි
ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර පද්ධතියේ නව ලියාපදිංචි කිරීම් දැන් ලබා ගත හැකියි.
මේ අතර අත්‍යාවශ්‍යාවය සපුරාලීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පද්ධතියේ ගෞරවය එම ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සංවර්ධකයින්ට සහ අනෙකුත් අයට හිමිවිය යුතු බවයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම සමාගම් දෙකක් නියෝජනය කරන පුද්ගලයන් 100කට අධික පිරිසක් මේ මොහොත දක්වා නිර්නාමිකව සිටීමට කැමැත්තෙන් සිටින බවත් ක්‍රියාවලිය සඳහා සහයෝගය ලබා දෙන බවත් ඔහු සඳහන් කළා.
“National Fuel Pass QR” පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ ධනාත්මක අදහස් ලැබී ඇති බවත් දිරිගැන්වූ, අදහස් දැක්වූ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සහ එය ක්‍රියාවට නැංවීමට සහාය වූ පණිවිඩ එවූ සැමට ස්තූතිය පිරිනමන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත්, එම ක්‍රමය පමණක් ඉන්ධන අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
The post ඉන්ධන QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘතයි appeared first on ITN News.