ඕස්ට්රේලියා මහ බැංකුව ඩිජිටල් මුදල් ඒකක භාවිතය ආරම්භ කිරීමට සූදානම්
ඕස්ට්‍රේලියා මහ බැංකුව ඩිජිටල් මුදල් ඒකක භාවිතය ආරම්භ කිරීමට සූදානම් වනවා.
වසරක පමණ අධ්‍යයනයකින් පසුවයි ඕස්ට්‍රේලියා මහ බැංකුව ඩිජිටල් මුදල් ඒකක භාවිතය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. ඩිජිටල් මුදල් ඒකක හදුන්වාදීම හරහා ආර්ථිකයට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇති බවට ඕස්ට්‍රේලියා මහ බැංකුව අනාවැකි පළකරනවා. ඩිජිටල් මුදල් ඒකක භාවිතයේ දී තාක්ෂණික, නීතිමය හා රෙගුලාසි සම්බන්ධයෙන් යොමුකළ යුතු අවධානය පිළිබදව පසුගිය වසර තුළදී අධ්‍යනය කළ බවයි ඕස්ට්‍රේලියා මහ බැංකුව පවසන්නේ.
ඕස්ට්‍රේලියාවේ මෙම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා රටවල් සියයක් පමණ තම අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.
The post ඕස්ට්රේලියා මහ බැංකුව ඩිජිටල් මුදල් ඒකක භාවිතය ආරම්භ කිරීමට සූදානම් appeared first on ITN News.