විදුලි සැර වැදීමෙන් අලි තිදෙනෙකු මියයයි
මිහින්තලය ඉහළගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් අලි තිදෙනෙකු මියගොස් තිබෙනවා.
අලි තුන්දෙනා කුඹුරු යායක් ආසන්නයේ වැටී සිටි අතර විදුලි සැර වැදීමකින් මෙම සතුන් මරණයට පත්ව ඇති බවටයි වනජීවී නිලධාරීන් පවසන්නේ. වයස අවුරුදු 5 ක් පමණ වන කුඩා අලි පැටවෙකු ද මියගිය අලි අතර වනවා. අලි මියගොස් සිටි ස්ථානයට යාබදව පිහිටි නිවසේ හිමිකරු වනජිවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර ඉඩම ආසන්නයේ තිබී විදුලි රැහැන් සහ විදුලි කණු කිහිපයක් සොයා ගැණුනා.
The post විදුලි සැර වැදීමෙන් අලි තිදෙනෙකු මියයයි appeared first on ITN News.