ගෝඨාභය මව්බිමට පැමිණෙන දවස
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවට රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජුලි මාසයේ 13 වන දින සිංගප්පූරුව බලා පිටත්ව යාමෙන් අනතුරුව එරට සති දෙකක කාලයක් රැදී සිට නැවතත් තායිලන්තය බලා පිටත් වුණා. ආරක්ෂක හේතූන් මත ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් සති දෙකක කාලයක් ගත වනු ඇති බවටයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ. හෙට දිනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදහන් කළ ද අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව ලැබුනු තොරතුරු මත ඔහුගේ පැමිණීමට කල් ගත වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා රජය අතර ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවද එම පුවත් සේවය පෙන්වා දෙනවා. හිටපු ජනාධිපතිතුමාට ලංකාවට පැමිණීමට අවශ්‍යතාව තිබෙන බවත් රාජ්‍ය බුද්ධි අංශ ලබා දුන් තොරතුරු මත ඔහුගේ පැමිණීම ප්‍රමාද කරන බවත් රජයේ ඉහළ පෙළේ නිලධාරියකු සදහන් කළ බවටයි රොයිටර් පුවත්සේවය වැඩිදුරටත් පවසන්නේ. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ ගත කරන කාලයේ අදාළ වියදම් ඔහුට හිතවත් පාර්ශ්ව විසින් ලබා දෙන බවද එම පුවත් සේවය සදහන් කරනවා.
The post ගෝඨාභය මව්බිමට පැමිණෙන දවස appeared first on ITN News.