රාජ්ය සේවකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට අදාළ චක්රලේකය නිකුත් කෙරේ
රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදෙස් රැකියාවල නිරතවීමේදී වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළව චක්‍රලේකය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සංස්ථා ,ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ සතු සමාගම්වල සේවක සේවිකාවන් සඳහා මෙම චක්‍රලේකයේ ප්‍රතිපාදන අදාළ වනවා. චක්‍රලේකයට අනුව රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාසිකව මෙරටට විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවර්ය වනවා. එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ තත්ත්වය අනුව වෙනස් වන බවයි චක්‍රලේකයේ දැකවෙන්නේ. ඒ අනුව ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් මාසිකව ඇමෙරිකා ඩොලර් 100 ක් ද ද්විතීක මට්ටමේ නිලධාරීන් මාසිකව ඇමෙරිකා ඩොලර් 200 ක් ද තෘතීය මට්ටමේ නිලධාරීන් මාසිකව ඇමෙරිකා ඩොලර් 300 ක් ද මෙරටට එවිය යුතු වනවා. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාසිකව ඇමෙරිකා ඩොලර් 500 ක් මව්බිමට එවීම අනිවාර්යයි.
The post රාජ්ය සේවකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට අදාළ චක්රලේකය නිකුත් කෙරේ appeared first on ITN News.