මහා පරිමාණ බුරුත දැව සැකසුම් ස්ථානයක් වටලයි
මහා පරිමාණයේ බුරුත දැව ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්වුණා.
දොඹගහවෙල කරාන ප්‍ර දේශයේ කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මහා පරිමාණ බුරුත දැව සැකසුම් ස්ථානයක් වටලා තිබෙනවා. එහිදී බුරුත දැව කදන් 135 ක්/ කපා සකස් කළ උළුවහු කදන් 89 ක්, ලෑලි 13 ක් හා ජංගම ලී ඉරුම් පට්ටලයක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධිකයි. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
The post මහා පරිමාණ බුරුත දැව සැකසුම් ස්ථානයක් වටලයි appeared first on ITN News.