පසුගිය පැය 24 තුළ පාකිස්ථානයේ ගංවතුර හේතුවෙන් 119 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්ථානය ගංවතුර තත්වය හේතුවෙන් පසුගිය පැය විසි හතර තුළ 119 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
පාකිස්ථාන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ මේ වන විට ගංවතුර නිසා ජීවිතක්ෂයට පත් වු සම්පූර්ණ ගණන 1033 බවයි. පසුගිය ජූනි මාසයේ සිටම පාකිස්ථානය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
මේ හේතුවෙන් එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරිමට ද පාකිස්ථාන රජය ඊයේ කටයුතු කළා. ගංවතුර තත්වය හේතුවෙන් මිය යන සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බවයි එරටින් ලැබෙන ආරංචිමාර්ග සදහන් කරන්නේ.
The post පසුගිය පැය 24 තුළ පාකිස්ථානයේ ගංවතුර හේතුවෙන් 119 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.