අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට
අධික වටිනාකමකින් යුත් කොකේන්, ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් ලෙස පොලිස් නිලධාරීන්ට ලබාදීමට ඔවුන් උත්සාහ කර ඇති අතර එය ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් එම මුදල නඩු භාණ්ඩ ලෙස ලබාගෙන තිබෙනවා.
ඔවුන් භාවිත කළ ජීප් රථයක් සහ ත්‍රි රෝද රථයක් ද පොලිස් භාරයට ගැණුනා. කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ එකක්, ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 යි ග්‍රෑම් 500 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක් සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා. ජීප් රථයේ සහ ත්‍රි රෝද රථය තුළ කාඩ් බෝඩ් පෙට්ටි තුනක සහ ගමන් මලු 4 ක තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
The post අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට appeared first on ITN News.