ශ්රි ලංකා ගුවන් හමුදා පියාසර පුහුණු පක්ෂාංගය සිය 71 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රි ලංකා ගුවන් හමුදා පියාසර පුහුණු පක්ෂාංගය සිය 71 වන සංවත්සරය අභිමානවත්ව සැමරුවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක එක පියාසර පුහුණු පක්ෂාංගයේ 71 වන සංවත්සරය සැමරීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ගුවන් නියමුවන් හා නියමු උපදේශකවරුන් රැසක් රටට දායාද කළ නියමුවන්ගේ තිඹිරි ගෙය ලෙස සැලකෙන ගුවන් හමුදා අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 1951 වසරේ දී ආරම්භ කෙරුණා.
The post ශ්රි ලංකා ගුවන් හමුදා පියාසර පුහුණු පක්ෂාංගය සිය 71 වන සංවත්සරය අභිමානවත්ව සමරයි appeared first on ITN News.