චීනයේ සිචුආන් ප්රාන්තයට බලපෑ භූකම්පනයකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට
නිරිතදිග චීනයේ සිචුආන් ප්රාන්තයට බලපෑ භූකම්පනයකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම හයක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටියා. සිචුආන් ප්‍රාන්තයේ චෙන්ග්ඩු නගරයට භූකම්පනයෙන් වැඩිම බලපෑම් සිදුව ඇති අතර පසුගිය සතියේදී කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සදහා නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මිලියන 21 ක පමණ පිරිසකට ඒ හේතුවෙන් නිවෙස් තුලට වී කාලය ගත කිරීමටයි සිදුව ඇත්තේ. පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බව සීසීටීවි පුවත් සේවය පවසනවා. තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. කදු නායයෑම් හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි අලාභ හානි සිදුව ඇති බව ද සදහන්. ඒ හේතුවෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ලවී තිබෙනවා.
The post චීනයේ සිචුආන් ප්රාන්තයට බලපෑ භූකම්පනයකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.