පොලිස් නිලධාරීන් 117 දෙනෙකුගේ සේවය අගය කරමින් මුදල් ත්යාග
හලාවත පොලිස් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ක්‍රියා කළ පොලිස් නිලධාරීන්ගේ සේවාව ඇගයීමට ලක් කෙරුණා.
හලාවත පොලිස් කොට්ඨාසයට අයත් වෙන්නප්පුව,දංකොටුව, මාරවිල, කොස්වත්ත, සිරිගම්පල හා මාදම්පේ යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ සේවය මෙසේ ඇගයීමට ලක්කර තිබෙනවා. උත්සවය පැවැත්වුණේ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පොලිස් නිලධාරීන් 117 දෙනෙකුගේ සේවය අගය කරමින් රුපියල් මිලියන අටක මුදලක් ත්‍යාග ලෙස මෙහිදී ලබාදී තිබෙනවා.
The post පොලිස් නිලධාරීන් 117 දෙනෙකුගේ සේවය අගය කරමින් මුදල් ත්යාග appeared first on ITN News.