තුන්වන චාල්ස් රජු පළමුවරට බ්රිතාන්ය පාර්ලිමේන්තුවට පැමිණෙයි
තුන්වන චාල්ස් රජු පළමුවරට බ්රිතාන්ය පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද දිනයේ දී ශෝක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන්. ඉන් අනතුරුව චාල්ස් රජු රැජිණගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති එඩින්බර්ග් හි හොලිරූඩ්හව්ස් මාලිගයට පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඉන් අනතුරුව රාජකීය පවුලේ සාමාජිකයින් රැජිණගේ දේහය මහජන ගෞරවය සදහා තැන්පත් කිරීමට ශාන්ත ගිල්ස් දේවස්ථානය වෙත රැගෙන යනු ඇති. ලබන 19 වනදා වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී අවමංගල උත්සවය පැවැත්වෙනවා.
The post තුන්වන චාල්ස් රජු පළමුවරට බ්රිතාන්ය පාර්ලිමේන්තුවට පැමිණෙයි appeared first on ITN News.