විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා හෙට සිට යළිත්
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු හෙට සිට යළි ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකවල පරිගණක අංශවල සිදුවූ බිදවැටීම හේතුවෙන් මෙම සේවා තාවකාලිකව නතරකර තිබුණා. එම සේවාවන් හෙට සිට ආරම්භ කෙරෙන අතර යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල කටයුතු ද ආරම්භ කෙරෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරන්නේ. මේ අතර කොන්සියුලර් අංශයේ සියලුම සේවාවන් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.
The post විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා හෙට සිට යළිත් appeared first on ITN News.