විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම්පත් යොමු කරන සිසුන්ට පණිවිඩයක්
විශ්වවිද්‍යාල ප්රවේශය සඳහා අයදුම්පත් යොමු කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව මගින් එක්දින සේවාව යටතේ නිකුත් කරන සහතික පත්‍රය අත්‍යවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිතුමා විසින් නිකුත් කරනු ලබන ප්‍රතිඵල සහතිකය ප්‍රමාණවත් වනවා.
එසේ නැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රතිඵල තහවුරු කර ගැනිම යටතේ මුදල් ගෙවා ලබා ගන්නා ලද ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය පමණක් ප්‍රමාණවත් වනවා.
ප්‍රතිඵල තහවුරු කර ගැනීමේ ලේඛන ලබා ගැනීම සදහා ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනෙස්ට් ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසිය යුතු වනවා.
The post විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම්පත් යොමු කරන සිසුන්ට පණිවිඩයක් appeared first on ITN News.