චීන යුවාන් වත්කම් පිළිබඳ ගෝලීය ආයෝජකයින් ගේ ආකර්ෂණය ඉහළ මට්ටමක පවතින බව චීන මහජන බැංකුව පෙන්වා ද...
චීන මහජන බැංකුව මෑතකදී පළ කළ 2022 චීන යුවාන් ජාත්‍යන්තරකරණ වාර්තාවට අනුව, චීනයේ මූල්‍ය වෙලඳපොල විවෘතභාවය අඛණ්ඩව පවතින අතර, චීන යුවාන් වත්කම්හී ගෝලීය ආයෝජක ආකර්ශණය ඉහළ මටට්මක පවතී.
2021 අග වනතෙක්, විදේශීය ආයතන සතු චීන යුවාන් මත පදනම් කොටස්, බැඳුම්කර, ණය සහ තැන්පතු යනාදී මුළු මූල්‍ය වත්කම් ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 10.83 කි. මෙය පසුගිය කාලසීමාවට වඩා 20.5% වැඩි වීමකි.
මෙම වාර්තාවට අනුව, චීන යුවාන් ජාත්‍යන්තරකරණයේ සියලුම දර්ශක සාමාන්‍යයෙන් ධනාත්මක මට්ටමක පවතී. අසම්පූර්ණ සංඛ්‍යාලේඛන අනුව, විදේශීය මහ බැංකු හෝ මුදල් අධිකාරී ආයතන 80කට වැඩි ප්‍රමාණයක් සිය විදේශ විනිමය සංචිතවලට චීන යුවාන් ඇතුළත් කර ඇත.
The post චීන යුවාන් වත්කම් පිළිබඳ ගෝලීය ආයෝජකයින් ගේ ආකර්ෂණය ඉහළ මට්ටමක පවතින බව චීන මහජන බැංකුව පෙන්වා දෙයි appeared first on ITN News.