ඔරොත්තු නොදෙන ප්රමාණයේ රැඳවූවන් පිරිසක් බන්ධනාගාර තුළ සිටිනවා
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඔරොත්තු නොදෙන ප්රමාණයේ රැඳවූවන් පිරිසක් බන්ධනාගාර තුළ සිටින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අගුනකොලපැලැස්සේ පැවැති ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරීන් විසිරයාමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරීන් 195 දෙනෙකු විසිර යාමේ උත්සවය අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ දී පැවැත්වුණා. විශේෂ දක්ෂතා දැක්වූවන්ට කුසලතා සම්මානද මෙහි දී පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
The post ඔරොත්තු නොදෙන ප්රමාණයේ රැඳවූවන් පිරිසක් බන්ධනාගාර තුළ සිටිනවා appeared first on ITN News.