ශ්රී ලංකාවට ආධාර දෙන්න ජගත් මහලේකම්ගේත් අවධානය
ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වන සැසිවාරයට සමගාමීව මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවී සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වුණා. ඒ නිව්යෝර්ක් නුවර මූලස්ථානයේදීයී. සමරු සටහනක් ද තැබූ අලි සබ්රි මහතා ශ්‍රී ලංකාව මුහුණපා සිටින වත්මන් අභියෝගවලට මුහුණදීම පිළිබද මහාලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.
මේ අතර අමාත්‍ය අලි සබ්රි මහතා සුඩා විදේශ අමාත්‍යවරයා ද මුණ ගැසුනා. දෙරට අතර විශිෂ්ඨ සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබද සාකච්ඡාවලදී අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම බහු පාර්ශ්වික සංසදවලදී එම සහයෝගීතාව පවත්වාගැනීමට දෙපාර්ශ්වය ප්‍රතිඥා දුන්නා.
එමෙන්ම අමාත්‍ය අලි සබ්රි මහතා ජගත් සංවිධාන උපලේකම් ව්ලැදිමීර් වොරොන්කොව් මහතා ද මුණගැසුනා. ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබද සාකච්ඡා වූ අතර හිටපු සටන්කාමීන් පුනරුත්තාපනය කිරීම පිළිබදව ද අවධානය යොමු වුණා.
මේ අතර විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි මහතා ද මුණගැසුනා. ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික සංසදවලදී ජාතීන් අතර දිගුකාලීන සහයෝගීතාව හා හවුල්කාරීත්වය සහ දෙපාර්ශ්වයේ කැපවීම එහිදී තහවුරු කර තිබෙනවා.
එමෙන්ම කුවේට් විදේශ අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් අල් මෙහොමඩ් අල් අහමඩ් අල් ජබීර් අල් සභා මහතාද මුණගැසීමට අමාත්‍ය අලි සබ්රි මහතා කටයුතු කළා. එහිදී ද දෙපාර්ශ්වය අතර සබදතාව ශක්තිමත් කිරීමට ගත හැකි ඉදිරි පියවර පිළිබද අවධානය යොමුව තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් අතර සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව හා ඉරානයේ ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමක් මගින් බොරතෙල් ආනයනය කිරීම පිළිබදව සාකච්ඡා වී ඇති බව සදහන් වනවා.
The post ශ්රී ලංකාවට ආධාර දෙන්න ජගත් මහලේකම්ගේත් අවධානය appeared first on ITN News.